Gamunu Maharaja 2 Teledrama on Hiru TV

හිරු ටීවී තුලින් ඔබේ ආලින්දයට එන "ගැමුණු මහරජ – 2" හෙට සිට - Photos

- හිරු ටීවී තුලින් ඔබේ ආලින්දයට එන "ගැමුණු මහරජ – 2" හෙට සිට - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka


ශ්‍රී ලාංකේය වීර කතා සම්ප්‍රදායේ ටෙලිවිෂන් ආගමනය ගැමුණු මහරජ – 2 වෙනි කොටස හෙට (15) සිට හිරු TV ඔස්සේ විකාශය කිරීමට සියළු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

ඒ අනුව සෑම සතියේ දිනකම රාත්‍රී 8.00 සිට 8.30 දක්වා Hiru TV ඔස්සේ "ගැමුණු මහරජ – 2" හිරු ටෙලි තිරයේ ලියැවෙනවා.

මලින්ද පෙරේරා,  දිල්හානි ඒකනායක, ශ්‍රියන්ත මෙන්ඩිස්, සමන් හේමරත්න, සෙනාලි ෆොන්සේකා, ධනුක දිල්ශාන්, සිනෙති අකිලා ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් සහ නවක රංගන ශිල්පීන් රැසක් මෙහි රංගනයෙන් දායකත්වය දක්වනවා.

මෙහි අධ්‍යක්ෂක ලෙස සරත් ධර්මසිරි කටයුතු කරන අතර නිෂ්පාදක ලෙස ජානකි විජේරත්න කටයුතු කරනවා.

"ගැමුණු මහරජ – 2" පුර්ව ප්‍රචාරක පට සහ ඡායාරූප පහතින් බලන්න