Ven Pitiduwe Siridhamma Meet dhana birthday party


"බුදු හාමුදුරුවො මස් කන්න එපැයි කියලත් නෑ.." -  පිටිදූවේ සිරිධම්ම හිමි පිළිතුරු දෙයි 

පසුගියදා දෙහිවල ශ‍්‍රී සදහම් ආශ‍්‍රමයේ පැවති පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ උපන්දින සාදය සම්බන්ධ පුවත්පත් හා වෙබ් අඩවි වාර්තා සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇති කළා. එම සාදයේදී භික්ෂූන්ට විවිධ මස් වර්ග පිරිනැමීමත් බුෆේ ක‍්‍රමයට දන් පිළිගැන්වීමත් කාන්තාවන් ලවා කෑම බෙදීමත් ඇතැම් අයගේ විවේචනයට බඳුන් වුණා. පසුගිය සතියේ අස්ගිරි මහ නායක හිමියන්ද මෙම ක‍්‍රියාව විවේචනය කරමින් කතාවක් පවත්වා තිබුණා.


මෙම සිදුවීම් වලින් පසු පෙරේදා (05) පොහොය දිනයේ සිය ආශ‍්‍රමයේ දී දේශනාවක් කළ පිටිදූවේ සිරිධම්ම හිමියන් එම විවේචනයන්ට පිළිතුරු සපයා තිබුණා. භික්ෂූන් වහන්සේලා මස් කෑම බුදුන් අනුමත නොකරන්නේය යන්න මෝඩ මිනිසුන්ගේ මතයක් ලෙස එම දේශනාවේදී පැහැදිලි කෙරුණා.


එම අදහස් දැක්වූ අයුරු පහත පරිදිය.
 

"භික්ෂූන් වහන්සේලා මස් මාළු කනකොට අපිත් දන්නවා..අර මහනායක හිමියො කිව්ව හරි හොරාට තමයි කෑවෙ...හරි අපි දන්නව.. අපි  ඕව නොදැන කරනව නෙමෙයි. මොකද මං මේ ශාසනේ අවුරුදු 15ක් මහණෙක් ලෙස ඉඳල තියනවා. අවුරුදු 26ක් ගිහියෙක් ලෙස ශාසනේ ගැනම හොයල තියනවා.

මං මේ නිකං මෝඩයෙක් නෙමේ. මං කල්පණා කළා පොඩි කාලේ ඉඳලම මේ හාමුදුරුවො ඇයි මේ හොරා කන්නෙ... මේ බුද්ධාඥාවෙ කියල තියනවනේ භික්ෂුවකට මස් වර්ග 10 ක්විතරක් කන්න එපැයි කියල... අලි මස්, මිනී මස්, බලූ මස්,සර්ප මස්, වළස් මස්, සිංහ මස්, ව්‍යාඝ‍්‍ර මස් ආදි ලෙස.. ඒ ඇරෙන්න ත‍්‍රිකෝටික පරිශුද්ධ මාශය කැපැයි කියල දේශනා කරල තියනවා. ඒ කියන්නෙ ඒ භික්ෂුව වෙනුවෙන් මරන්න බෑ.... කියන එක.

මෙහේ දානෙ ගේන කොට කිසිම කෙනෙක් මෙහේ දානෙ කියල සත්තු මරන්න බෑ... හැබැයි කඬේකට ගිහිල්ල අවශ්‍ය තැනකට ගිහිල්ල හොයල බලල මරපු දෙයක් ඕන නම් දානෙට පිළියෙල කරල දෙන්න පුළුවන්. ඒකෙ කිසි වරදක් නෑ....


ඊළගට ශීල සේනාධිපති සූත‍්‍රයේ කියනව ශීල සේනාධිපතිය ගෞතම බුදුන්ට ඌරු මස් පූජා කරනකොට මිනිස්සු පෙළපාලියක් ගිහිල්ල තියනව... මම හිතුව ලංකාවෙ මිනිස්සු බුද්ධිමත් කියල.. ඒ පෙළපාලිය ආයි ගියානේ... එදත් ඔය වගේමයි ඔය මිනිස්සු ටික.. අදත් එහෙමයි.. හැබැයි අපිට අවශ්‍ය දාර්ශනික විප්ලවය සමාජයේ අපි සිදු කරනවා."






eGossip.lk