Angelina Jolie

සරාගී ඇන්ජලීනා ආයෙමත් අංක එකට!

ලොව වඩාත්ම අගය කළ යුතු කාන්තාව ලෙස පසුගිය දා නම් කෙරුණේ සුපිරි නිළියක සහ චිත්‍රපට අධ්‍යක්ෂවරියක ලෙස ජනාදරය දිනා සිටින ඇන්ජලීනා ජොලී යි. ඇය එලෙස කිරුළු පැලඳු‍වේ අන්තර්ජාලය ඇසුරු කරගෙන ‘යූ ගොව්’ නම්වූ පර්යේෂණ ආයතනය විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් ලැබූ ප්‍රතිඵල අනුවයි. මේ සමීක්ෂණයට 25,000 ක් දෙනා සහභාගි වී තිබුණා. ඒ අය අතරින් වැඩිම මනාපය ප්‍රකාශ කර තිබුණේ ඇන්ජලීනාටයි. මේ සමීක්ෂණයේ දෙවැනි ස්ථානය හිමිවුණේ තලේබාන් ප්‍රහාරයකට ලක්වී දිවි ගලවා ගත් 17 වියැති

ඇමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, දෙවැනි එලිසබෙත් රැජින සහ ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධි යන අය මනාප ලැයිස්තුවේ ඊළඟ ස්ථාන හිමිකරගෙන තිබෙනවා. මෙම සමීක්ෂණයට රටවල් 23 ක් දායක වී ඇති බව වාර්තා වෙනවා.

ජනප්‍රිය ගායිකා සෙලින් ඩියොන්ට මේ සමීක්ෂණයේදී හිමි වී ඇත්තේ හයවැනි ස්ථානයයි. ටේලර් ස්විෆ්ට් සහ බියොන්සෙ ක්නොව්ලස් යන ගායිකාවන්ට එකොළොස් වැනි සහ දොළොස් වැනි ස්ථාන හිමිවෙලා. ජනප්‍රිය නිළි ජෙනිෆර් ලෝරන්ස් ද මේ ලැයිස්තුවේ ඊට පහළින් සිටිනවා.